පාකිස්ථාන රජය විසින් සිදු කරන ලද නිල සමීක්ෂණයකට අනුව එරට දරිද්‍රතාවය සියයට 29 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම අගය, ගෙවී ගිය වසර 11 තුළ එරට දරිද්‍රතාවයේ ඇති වූ ඉහළම අගය බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
මේ අතර එරට ආදායම් අසමානතාවය වසර 27 කින් ඉහළම මට්ටමකට පැමිණ තිබෙනවා.
පසුගිය වසර හත තුළ පාකිස්ථාන ජනතාවගේ ආදායම් සහ පරිභෝජන හැකියාව පහත වැටී ඇති බවයි සමීක්ෂණ වාර්තාවල දැක්වෙන්නේ.
පාකිස්ථානයේ මිලියන 70 ක් පමණ ජනතාව මේ වනවිට රුපියල් 8,484 ක මාසික දරිද්‍රතා රේඛාව මත පදනම්ව ජීවත් වන බව ද සදහන්.
එමෙන්ම ජනතාවගේ ආදායම් අසමානතාවයේ තත්ත්වය වඩාත් උග්‍ර වී ඇති අතර සමීක්ෂණ වාර්තාවලින් පෙන්නුම් කරන්නේ එහි අගය 32.7 දක්වා ඉහළ ගොස් ඇති බවයි.














