ප්රවීණ ගායන ශිල්පිනි අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්රාප්ත වී තිබෙනවා.
මියයන විට ඇය 82 වන වියේ පසු වුණා.
ඇය ගායන කළ ගීත අතරින් රන්දොරින් එන්න ආදරේ, පින්න මල් පිපී, අනෝතත්තවිල වැනි ගීත සුවහසක් රසික සිත් තුළ සදා නොමැකෙන ගී බවට පත් වුණා.
අමිතා වැදිසිංහ මහත්මිය දශක ගණනාවක් පුරා ලාංකික කලා කෙත වෙනුවෙන් විශාල සේවාවක් ඉටුකළ ගායන ශිල්පිනියක් වනවා.