වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා.
එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර තොගයක් පොලිස් භාරයට ගැනීමත් සමග එම විමර්ශනය ආරම්භ කළ බවයි.
දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් මාර්ගයෙන් එම විමර්ශනය සිදු කෙරෙනු ඇති.
පොළොන්නරුව සිරිපුර ගබඩාවක තිබී යුරියා පොහොර මිටි 1565ක් පොලිස් භාරයට ගෙන තිබුණා.
එහි සාම්පල පරීක්ෂණ සඳහා කොළඹට රැගෙන එන බව ද චන්දන ලොකුහේවගේ මහතා මෙහිදී වැඩි දුරටත් සදහන් කළා.
එම පොහොර ජාවාරම සම්බන්ධයෙන් 12 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ , සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
උණුසුම් පුවත්
- එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්
- ලක්ෂ 20කට ආසන්න අයිස් සමග මොරටුමුල්ලේ රූපලාවන්‍ය ශිල්පිනිය අත්අඩංගුවට
- තෙල් හිඟයක් නැහැ.
- නෙළුව ප්‍රාදේශීය සභාව සහ කින්නියා නගර සභාවේ බලයත් සමගි ජන බලවේගයට
- දික්ඕවිට ධීවර වරාය ආශ්රිත ගැටලුවලට කඩිනමින් විසඳුම්
- ටෙහෙරාන් අගනුවර දැවැන්ත පිපිරීමක්
- LRC ඉඩම් අවභාවිත වීම් ගැන විමර්ශන දිගටම – නි.ඇමති සුසිල්
- අද කාලගුණය