ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිතුක් කර තිබෙනවා.
එම නිවේදනය රාත්‍රී 11.30 දක්වා වලංගු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ .
දකුණු සහ ඌව පළාත් සහ කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතීන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ .
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි වනවා.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර එළඹෙන 22 වනදා සිට වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවද කාලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.













