ආර්ථික පුනර්ජීවනය සඳහා සිදු කරන ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට සහ දුෂ්කර අවස්ථාවන් හිදී සිදු කරන බදු වැඩිකිරීම් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලාංකේය නායකත්වය විසින් ප්‍රදර්ශනය කරන දේශපාලන අධිෂ්ඨානය අගය කළ යුතු බව ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් පවසනවා.
ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහන පැකේජයට ශ්‍රී ලංකාව විසින් සපුරාලිය යුතු අවශ්‍යතා සියල්ලම පාහේ සම්පූර්ණ කර ඇති බවයි.
ඒ අනුව ප්‍රධාන ණය දෙන රටවල අවසාන සහතික කිරීම් සිදු කිරීමෙන් අනතුරුව අදාල ක්‍රියාවලිය අවසන් වනු ඇති.
ආර්ථික අභියෝගවලට මුහුණදීම සඳහා දේශීය ඉල්ලුමට සරිලන පරිදි සහ අපනයනය වෙනුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී IMF නියෝජිත පිරිස දැනුවත් කරනු ලැබුවා.