තරුණ ප්‍රජාවට පළාත් පාලන ආයතනවල සියයට 25ක තරුණ නියෝජනය තහවුරු කිරීම සදහා වු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පවසනවා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
තරුණ ප්‍රජවට මෙම අවස්ථාව ලබා දීමට සියලු පාර්ශවල සහය අපේක්ෂා කරන බව ද ප්‍රේමනාත් සී දොලවත්ත මහතා සදහන් කළා.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ද අවධානය යොමුව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් සී දොලවත්ත මහතා සදහන් කළේ.