බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. ඌව සහ නැගෙනහිර පළාත්වල අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 ක 50 ක පමණ තද සුළං ඇති වන බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
උණුසුම් පුවත්
- රටම එකට ජාතික මෙහෙයුම හෙටින් ඇරඹෙයි !
- නුගේගොඩ එන්න තවම තීරණයක් නෑ – විමල් – VIDEO –
- ලොකු ලූණු ගොවියන් වෙනුන් සජිත් කතා කරයි ! – VIDEO –
- අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
- රනිල්ගේ නඩුව ලබන වසර දක්වා කල් යයි – VIDEO –
- අස්වැසුම ප්‍රතිලාභී නාමලේඛනය ප්‍රදර්ශනයට
- තවත් සැකකරුවන් 678ක් අත්අඩංගුවට
- අමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්













