බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අදත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ වයඹ පළාතේද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ විටින්විට හමන පැයට කිලෝමීටර 30 ක 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
උණුසුම් පුවත්
- රත්මල්ගහවැව ප්‍රාදේශිය රෝහලේ ඩිස්පැන්සරිය වසා දමලා
- මෙවර අයවැය සුරංගනා කතාවක් – සුජිත් – VIDEO –
- පොහොර සහනාධාර ගැන රජයෙන් පැහැදිළි කිරීමක් – VIDEO –
- 35 වැනි අන්තර්ජාතික සමුද්‍රීය සීමා හමුව සාර්ථකව අවසන් !
- පොලිස් විශේෂ මෙහෙයුමවලින් පුද්ගලයින් 734 දෙනෙකු අත්අඩංගුවට
- උතුරේ ඉඩම් නිදහස් කිරීමට රජයේ අවදානය
- ඒකාබද්ධව මිසයිල නිෂ්පාදනයට ඉන්දියාව සහ ඊශ්‍රායලය සැරසෙයි
- ප්‍රබල අකුණු පිළිබද කාලගුණයෙන් නිවේදනයක්













