ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් ස්ථානවල මිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද සදහන්.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සදහන් කළා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
උණුසුම් පුවත්
- මන්ත්‍රී අර්චුනාට වරෙන්තු නිකුත් කරයි
- අසල්වැසියන්ගේ ගැටුම මරණයෙන් කෙළවර වෙයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
- හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
- මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
- කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
- හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්













