ඒ අනුව අපේක්ෂිත සංචාරක ඉලක්කය කරා ළගා විය හැකි බවටයි සංඛ්‍යා ලේඛන වාර්තා පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාව අතීතයේ පටන් සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබෙනවා.
ග්‍රීසිය, මැදපෙරදිග, පෘතුගාලය,නෙදර්ලන්තය,එංගලන්තය ආදි රටවලින් අතීතයේ බොහෝ සංචාරකයන් මෙරටට පැමිණියා.
එහෙත් අද වන විට එය පුළුල් පරාසයකට විහි දී ගොස් තිබෙනවා.
එමෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.
පසුගිය මාසයේ දී විදෙස් සංචාරකයන් එක්ලක්ෂ අනූඅටදහස් දෙසිය තිස්පස්දෙනෙකු මෙරටට පැමිණියා.
පසුගිය වසර සමග සැසදිමේ දී එය 20.4%ක වර්ධනයක්. මේ මස පළමු දින 10 තුළ දී සංචාරකයන් පනස්දෙදහස් දෙසිය හතලිස් හයදෙනෙකු මෙරට සංචාරයට එක්වුණා.
ඒ අනුව ජනවාරි පළමුවනදා සිට සැප්තැම්බර් 10 වනදා දක්වා කාලය තුළ පැමිණ ඇති විදෙස් සංචාරකයන් පිරිස දහසය ලක්ෂ දහඅටදහස් හත්සිය හැටනවයක් දක්වා ඉහළ ගියා.
වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.
එය ප්‍රතිශතයක් ලෙස 27.4%ක් වනවා.