නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ ආරම්භ වන පළමු ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන අද ගාල්ල, මාපලගමදී ආරම්භ වුණා.
මෙම නියමු ව්‍යාපෘතිය යටතේ 27,29 සහ ඔක්තෝබර් මස 2 යන දිනයන්හි දී ගාල්ල, රත්නපුර, කළුතර, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක පහ ආවරණය වන පරිදි ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන පහක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
මෙරට ග්‍රාමීය ජනතාවට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයන් හි මෙම මධ්‍යස්ථාන ඉදි කර ඇති අතර එමගින් සෞඛ්‍ය සේවාවන් රාශියක් සිදු කරනු ලබනවා.
ඒ යටතේ බෝ නොවන රෝග සදහා ප්‍රතිකාර සහ උපදේශන සේවා, මූලික ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර, වැඩිහිටි සත්කාර, පුනරුත්ථාපන සත්කාර, සහන සත්කාර, ආදී ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා රාශියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.