පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට කඩිනමින් පියවර ගන්න ලෙස විවිධ ව්‍යාපාරවල නිරතවන ව්‍යවසායකයින් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. රට තුළ ඇති වු ආර්ථික අර්බුදයත් සමඟ ව්‍යාපාර කඩා වැටීම හේතුවෙන් ණය ගෙවා ගැනීමට අසමත්වන කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ දේපොළ බැංකු වෙත පවරා ගැනීමට හැකි පරාටේ නීතිය තාවකාලිකව බල රහිත කිරීමට පැවති රජය සහ වත්මන් රජයද අවස්ථා කිහිපයදී පියවර ගනු ලැබුවා. ඒ සඳහා ලබා දී තිබු සහන කාලය පසුගිය 30 වැනිදායින් අවසන් වූ අතර, ණය ගෙවීම් පැහැර හරින ව්‍යාපාරිකයින්ගේ දේපොළ පවරා ගැනීමේ බලය මේ වන විට බැංකු වෙත හිමිව තිබෙනවා. කෙසේ වෙතත් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පවසන්නේ එම කාලය තවදුරටත් දීර්ඝ කරන ලෙස රජයෙන් ඉල්ලීම් කළද ඊට සාධනීය පිළිතුරක් නොලැබුණු බවයි. ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පෙරේදා දිනයේදී පැවති අතර, එම සාකච්ඡාවට රාජ්‍ය සහ වානිජ බැංකු නියෝජිතයින් සහ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් එක්ව තිබුණා.
උණුසුම් පුවත්
- කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
- විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
- ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
- ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
- මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
- පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
- රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
- දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද












