පරාටේ නීතිය නැවත බලාත්මක කිරීමේ දී පවතින ගැටළු පිළිබඳ අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන්. මේ අනුව බැංකුවලට ඇප ලෙස පවරා තිබෙන දේපොළ පවරා ගැනීමේ බලය හිමි වන පරාටේ නීතිය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලාත්මක කෙරුණා. පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම වත්මන් ආණ්ඩුව විසින් මාස තුනකට අත්හිට වූ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට පෙර මාස හයක කාලයකට එම නීතිය අත්හිටුවා තිබුණා. කෙසේ වෙතත් මෙම නීතිය බලාත්මක කිරීම තුළින් මෙරට කර්මාන්ත කඩා වැටෙන බව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු ව්‍යාපාරිකයින් පෙන්වා දෙනවා. ඒ අනුව තවත් වසරක කාලයක් සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙසයි ව්‍යාපාරික ප්‍රජාව රජයෙන් ඉල්ලා සිටින්නේ.