පනත් පහක් සංශෝධනය කිරීමට ආණ්ඩුව අවධානය යොමු කර තිබෙනවා.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා කියා සිටියේ බුද්ධිමය දේපළ පනත ඇතුළු පනත් පහක් මෙහිදී සංශෝධනය කිරීමට කඩිනම් පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව බුද්ධිමය දේපල පනතට අමතරව පුරාවිද්‍යා පනත, මධ්‍යම සංස්කෘතික අරමුදල් පනත, චිත්‍රපට සංස්ථා පනත, කලා මණ්ඩල පනත සහ රැඟුම් පාලක මණ්ඩල පනත කඩිනමින් සංශෝධනය කිරීමට නියමිතයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ කලාකරුවන්ගේ බුද්ධිමය දේපළ අයිතිය තහවුරු කිරීම සඳහා බුද්ධිමය දේපල පනත යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය දැඩිව මතුව ඇති බවයි.
එසේ එම පනත යාවත්කාලීන කිරීමෙන් පසුව කලාකරුවන්ට නිසි ආදායමක් ස්වයංක්‍රියවම ලැබෙන බවද අමාත්‍යවරයා කියා සිටියා.
ඒ අනුව රජය විසින් කලාකරුවන්ගේ සුබසාධන කටයුතු නඩත්තු කිරීමට අවශ්‍ය නොවන බවද කියා සිටියා.
බුද්ධිමය දේපළ පනත වෙළෙඳ අමාත්‍යංශය යටතේ පවතින බැවින් එම අමාත්‍යංශය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවද අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසනවා.