පින්නවල ප්‍රදේශයේ පතලක පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පින්නවල, වළවඅද්දර ප්‍රදේශයේ ඉඩමක පවත්වාගෙන ගිය පතලක පස් කන්දක් කඩා වැටී ඊට යටවීමෙන් පුද්ගලයෙකු බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක් පමණ වූ බලංගොඩ, පින්නවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.
හදිසි අනතුර සම්බන්ධයෙන් පින්නවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.





 


 







 
								