නේපාලයේ පැවැත්වෙන විරෝධතා හමුවේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ගෘහස්ථව රැඳී සිටින ලෙස දන්වමින් .
එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් +977- 9851048653 අංකයෙන් පැය 24 පුරාම දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවයි.
නේපාලයේ පවතින තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටින බවත්, නේපාලයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය සහ ප්‍රජා නායකයින් කිහිප දෙනෙකු සමඟ සම්බන්ධතා පවත්වන බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළා
නේපාලය තුළ සිසුන් 22ක් ඇතුළුව ශ්‍රී ලංකිකයන් 99ක් එරට සිටිනවා.
තානාපති කාර්ය මණ්ඩලයද ඊට අයත් බවත් මේ දක්වා කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් වාර්තා වී නොමැති බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළා.