නේපාලයේ සින්දුපල්චෞක් දිස්ත්‍රික්කයේ භයිරබ්කුණ්ඩ ප්‍රදේශයට රික්ටර් මාපක 6.1ක භූමිකම්පනයක් සිදුව තිබෙනවා
එරට වේලාවෙන් අද අලුයම 2:51 ට පමණ මෙම භූ කම්පනය වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.
එමෙන්ම ඉන්දියාව, ටිබෙටය මෙන්ම චීනයේ මායිම් ප්‍රදේශවලට ද මෙම කම්පන දැනී ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ හේතුවෙන් සිදුවූ හානි කිසිවක් වාර්තා වී නැහැ.