පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය නගරය ආශ්‍රීත ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් වාර්තා නොවන අතර නුවරඑළිය නගරය සුරක්ෂිත බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය අද(22) කියා සිටියා.
ඇතැම් සමාජ මාධ්‍යවල නුවරඑළිය නගරය ජලයෙන් යට වූ බවට අසත්‍ය පුවත් පළ වී ඇති බවත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් දිස්ත්‍රික් ලේකම්තුමිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ නිල්දණ්ඩාහින්න, මතුරට ඇතුළු නායයාම් නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව දැනුවත් කරමින් අවශ්‍ය පියවර ගැනීමට නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බවත් හදිසි ආපදා තත්ත්වයට මූණදීම සඳහා සියලු අංශ සූදානම් කර ඇති බවද දිස්ත්‍රික් ලේකම්තුමිය එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.














