නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්‍ෂාවකදී වාහන 73ක් දින 14ක කාලයක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්‍ෂක ජාලිය බණ්ඩාර මහතා පවසනවා.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වායු විමෝචන පරීක්‍ෂණ අංශය, මධ්‍යම පළාතේ මෝටර් රථ පරීක්‍ෂකවරන් සහ නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් සමග එක්ව ඊයේ(25) දින නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ හග්ගල සහ නුවරඑළිය රාගල ප්‍රධාන මාර්ගයේ බොරලන්ද ප්‍රදේශයේදී මෙම හදිසි පරීක්‍ෂාව සිදු කළ බවයි ප්‍රධාන මෝටර් රථ පරීක්‍ෂකවරයා කියා සිටියේ.
මෙම මෝටර් රථ පරීක්‍ෂාවේදී එම මාර්ග දෙකේම ගමන් ගත් වාහන 100කට අධික ප්‍රමාණයක් පරීක්‍ෂා කළ බවත් එම පරීක්‍ෂාවේදී අධික ලෙස කළුදුම් පිටවන ලංගම බස් රථ 12ක්, පෞද්ගලික බස් රථ 25ක්, ලොරි රථ 16ක් සහ අනෙකුත් වාහන 20ක් දින 14ක කාලයක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර එම වාහන අලුත්වැඩියා කර යළිත් පරීක්‍ෂණයට ඉදිරිපත් කරන තෙක් එම වාහනවල ආදායම් බලපත්‍රය නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්‍ෂකවරයාගේ භාරයට ගෙන තිබෙනවා.
ගුණාත්මක ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාම සහ වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් වායුව එක්වීම වැළැක්වීමේ අරමුණින් මෙවැනි දුම් පරීක්‍ෂාවන් අඛණ්ඩව සිදු කරන බවයි නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්‍ෂක ජාලිය බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියා.














