
මධ්‍යම පළාතේ හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසල් වසා තබන්නේ ද, නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීම එම පාසල්වල විදුහල්පතිවරුන් වෙත අවසර ලබා දී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මේ බව සදහන් කළා. මේ වන විට පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.














