නීති විරෝධීව අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය මත්පැන් බෝතල් 180ක් සමග සැකකරුවෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව කියා සිටියේ ඊයේ(13) මෝදර ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී සැකකරු සහ මත්පැන් බෝතල් තොගය සොයා ගත් බවයි.
බටහිර නාවික විධානයට ලැබුණු විශ්වසනීය තොරතුරක් මත ශ්‍රී ලංකා නාවකි නෞකා රංගල ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මෙම වැටලීම සිදු කර තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 45ක් පමණ වන මෝදර ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි නාවික හමුදාව පවසන්නේ.
සැකකරු සහ නීති විරෝධී මත්පැන් බෝතල් තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මෝදර පොලිසිය වෙත භාරදී තිබෙනවා.