තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙකු පමුණුගම සහ දුන්ගල්පිටිය පොලිසිය විසින් එක්ව සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ බස්නාහිර පලාත උතුර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්‍ෂණය යටතේ අද(22) දහවල් කාලයේ පමුණුගම සහ දුන්ගල්පිටිය වෙරළ තීරයේදී මෙලෙස තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද බීඩි කොළ තොගයක් සමග බෝට්ටු හතරක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනුණු බවයි.
එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35ක් පමණ වූ මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.
පමුණුගම පොලිසිය විසින් බීඩිකොළ කිලෝග්‍රෑම් 1400ක් සමග බෝට්ටු දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම දුන්ගල්පිටිය පොලිසිය විසින් බීඩිගෝල කිලෝ 600ක් සමග බෝට්ටු දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් කිහිප දෙනෙක් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දුන්ගල්පිටිය හා පමුණුගම පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.











