මුල් ආකෘතිය වෙනස් කර නීති විරෝධී ලෙස වෙනත් වාහනවල අමතර කොටස් යොදා එකලස් කරමින් තිබූ ජීප් රථ දෙක්ක නෝර්වුඩ් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
නෝර්වුඩ් ප්‍රදේශයේ පදිංචි පැරණි යකඩ ද්‍රව්‍ය එක්රැස් කරන අයෙකු විසින් ධාවනයෙන් ඉවත් කරනු ලැබූ පැරණි ජීප් රථවල ලියාපදිංචි සහතිකයකට අනුව නීති විරෝධී ලෙස ජීප් රථ දෙක එකලස් කිරීම සිදු කර අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවයි එම ජීප් රථ දෙක පරීක්ෂා කළ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා කියා සිටියේ.
මෙම ජීප් රථ දෙක සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වාර්තාවක්ද කැඳවන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරයා නෝර්වුඩ් පොලිසියට ලබාදුන් උපදෙස් අනුව නෝර්වුඩ් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් රජයේ රස පරීක්‍ෂකවරයාට එම ජීප් රථ දෙක පරීක්ෂා කර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක්ද නිකුත් කර ඇති බවයි නෝර්වුඩ් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් කියා සිටයේ.