නීති විරෝධි ලෙස උපයාගෙන ඇති බවට සැක කරන රුපියල් විසි අට කෝටි තිස්තුන් ලක්ෂයක මුදලක් සහ වාහන දෙකක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ සිදු කළ වැටලීමකදීයි .
මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 40 ක් වන ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
විදෙස්ගතව සැඟව සිටින බවට සැක කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ මෙම සැකකරු දුරකථන මඟින් සම්බන්ධතා පවත්වමින්, එම ජාවාරම්කරුගේ උපදෙස් අනුව මෙරට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මොහු මුදල් එකතු කර ඇති බව අනාවාරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් අදාල වාහන ද මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් මිළදී ගෙන ඇති බවත් අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු අද කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .














