නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවෙක් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ යාපනය, කෝපායි ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී සැකකරු සහ ඩීසල් තොගය අත්අඩංගුවට ගැනුණු බවයි.
යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් අනුව කෝපායි, කරන්දන් පාර ප්‍රදේශයේ පුද්ගලික ගබඩා සංකීර්ණයක් තුළ තිබී නීති විරෝධී ලෙස රැස්කර තබාගන්නා ලද ඩීසල් ලීටර් 4240ක් අඩංගු බැරල් 24ක් පෙට්‍රල් ලීටර් 840ක් අඩංගු බැරල් 05ක් සහ භූමිතෙල් ලීටර් 390ක් අඩංගු බැරල් 02ක් සමග සැකකරුවෙක් අඩංගුවට වගෙන යාපනය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 42ක් වන තෝප්පුකාඩු ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.
යාපනය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














