
නීත්‍යානුකූල නොවන ලෙස මුල් ආකෘතිය වෙනස් කර සකස් කර තිබු යතුරුපැදි සමඟ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සයිලන්සර් ශබ්දය වෙනස් කළ, පැති කණ්නාඩි, මඩ කවර සහ අංක තහඩු නොමැති, ආලෝක රටා වෙනස් කළ යතුරුපැදි 16ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. සැකකරුවන් හෝමාගම පොලීසියේ රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.














