නීතිවිරෝධී ධීවර කටයුතු මැඩලීම සඳහා පුළුල් මෙන්ම ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
මෙරට වෙරළබඩ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු , නාවික හමුදාව , වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව , ධිවර දෙපාර්තමේන්තුව,නාසා ආයතනය මෙන්ම පුපුරණ ද්‍රව්‍ය පාලක යන ආයතනවල ඉහළ පෙළේ නිලධාරීන් මීට එක්වුණා.
යුද හමුදාව ද මෙම අවස්ථාව නියෝජනය කළා.
සාකච්ඡාවේදී තීරණය කර ඇත්තේ වෙරළබඩ දිස්ත්‍රික්ක 15 ම ආවරණය වන පරිදි ඒකාබද්ධ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවීමටයි.
ඒ ඒ දිස්ත්‍රික්කවල නීතිවිරෝධි ක්‍රියා හඳුනාගෙන ඒවා මැඩලීමට සැළසුම් සකස් කිරීම මෙම කමිටුව හරහා සිදුවනවා.
නාවික හමුදාවේ 105 හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ 106 ක්ෂණික ඇමතුම් අංක හදුන්වාදීමට ද තීරණය කෙරුණා.