Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    2026-02-19

    රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි

    2026-02-19

    දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද

    2026-02-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
    • රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
    • දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
    • ජනපති අනුර සහ මෝදි අතර විශේෂ හමුවක්
    • ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ
    • T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
    • හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
    • මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නීතිපතිගෙන් CIDයට දැනුම්දීමක්

    නීතිපතිගෙන් CIDයට දැනුම්දීමක්

    2025-02-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කළ හැකි බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා තිබෙනවා.

    නීතිපතිවරයාගේ අත්සනින් යුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත යොමු කළ එම ලිපියේ දැක්වෙන්නේ, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නීති කෘත්‍යයට අදාළව ඔවුන් තිදෙනාට එරෙහිව තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බවයි.

    සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්වී මේ වන විට වසර 16ක් ගතවී ඇති පසුබිමක, එම ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නීති කෘත්‍යයට අදාළ චූදිතයින් තිදෙනෙකු පිළිබඳ නීතිපති පාරින්ද රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත පසුගියදා ලිපියක් යොමු කර තිබෙනවා.

    එහි දැක්වෙන්නේ, ප්‍රේම් ආනන්ද උදලාගම, තිස්සසිරි සුගතපාල සහ ප්‍රසන්න නානායක්කාර යන චූදිතයින්ට විරුද්ධව තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන අතර, ඔවුන් නිදහස් කළ හැකි බව මහේස්ත්‍රාත්වරයා වෙත දැන්විය යුතු බවයි.

    මේ පිළිබඳව වාර්තා කිරීමෙන් පසු අධිකරණය ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව,අදාළ ලිපිය ලැබී දින 14ක් තුළ තමා වෙත වාර්තා කළ යුතු බවද නීතිපතිවරයා එම ලිපිය මගින් වැඩිදුරටත් දන්වා තිබෙනවා.

    නිවසේ සිට සේවා ස්ථානය දක්වා සිය මෝටර් රථයෙන් යමින් සිටියදී රත්මලාන, අත්තිඩිය ප්‍රදේශයේදී මාධ්‍යෙව්දී ලසන්ත වික්‍රමතුංග ආයුධ සන්නද්ධ පිරිසක් අතින් ඝාතනයට ලක්වුණේ 2009 ජනවාරි 08 වැනිදා පෙරවරුවේයි.

    2015 ජනවාරි 10 වැනිදා එවකට පැවති ආණ්ඩුව මෙම ඝාතනයේ පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට කටයුතු කළා.

    මේ සම්බන්ධයෙන් 2016 ජුලි 16 වැනිදා යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්ත හිටපු මාණ්ඩලික සැරයන්වරයෙකු වන ප්‍රේම් ආනන්ද උදලාගම අත්අඩංගුවට ගැණුනු අතර, ඔහු රිවිර පුවත්පතේ හිටපු කතෘ උපාලි තෙන්නකෝන්ට 2009 වසරේදී පහරදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු වන බවද පසුව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණා.

    අනතුරුව 2018 පෙබරවාරි 2 වැනිදා ගල්කිස්ස පොලිසියේ එවක අපරාධ අංශයේ ස්ථානාධිපතිව සිටි තිස්සසිරි සුගතපාලත්, එම වසරේ පෙබරවාරි 14 වැනිදා හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාරත් මෙම ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැණුනා.

    මෙම සැකකරුවන් තිදෙනා පසුව ඇප මත නිදහස්ව සිටි පසුබිමකයි පසුගියදා නීතිපතිවරයා විසින් ඔවුන් නිදහස් කළ හැකි බවට වන ලිපිය නිකුත් කර තිබුණේ.

    මේ අතර 2016 සැප්තැම්බර් 27 නව මරණ පරීක්ෂණයක් සඳහා ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩ ගැණුනු අතර, 2017 මාර්තු 20 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, මෙම මරණයට හේතු වී ඇත්තේ වෙඩි තැබීමක් නොව විශේෂ අවියකින් හිසට හා මොළයට එල්ල කරන ලද පහර දීමක් බවයි.

    පෙර පුව​තඅධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් පත් කරයි
    ඊළඟ පුව​ත රජයෙන් වාහන ආනයනය නොකරන බව සෞඛ්‍ය ඇමති කියයි

    සබැ​ඳි පුවත්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි

    දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද

    ජනපති අනුර සහ මෝදි අතර විශේෂ හමුවක්

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    2026-02-19

    රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි

    2026-02-19

    දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද

    2026-02-19

    ජනපති අනුර සහ මෝදි අතර විශේෂ හමුවක්

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group