අභාවප්‍රාප්ත නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය ඇය ජීවත්ව සිටි මාදිවෙල ප්‍රදේශයේ පිහිටි නිවස වෙත ඊයේ සවස රැගෙන එනු ලැබුවා.
දේහය අද පෙරවරු 10.00 සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කෙරෙනු ඇති .
දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණ තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ අනිද්දා හෙට දිනයේ නිදහස් චතුරස්‍ර මන්දිරයේදී ද මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී ඇති බවයි
කලක් රෝගාතුරව සිටී මාලනී ෆොන්සේකා මහත්මිය ඊයේ අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වුනා.
1947 වසරේ අප්‍රේල් මස 30 වනදා කැළණියේදී උපත ලැබූ ඇය මිය යන විට 78 වන වියේ පසුවුණා.
උණුසුම් පුවත්
- එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්
- ලක්ෂ 20කට ආසන්න අයිස් සමග මොරටුමුල්ලේ රූපලාවන්‍ය ශිල්පිනිය අත්අඩංගුවට
- තෙල් හිඟයක් නැහැ.
- නෙළුව ප්‍රාදේශීය සභාව සහ කින්නියා නගර සභාවේ බලයත් සමගි ජන බලවේගයට
- දික්ඕවිට ධීවර වරාය ආශ්රිත ගැටලුවලට කඩිනමින් විසඳුම්
- ටෙහෙරාන් අගනුවර දැවැන්ත පිපිරීමක්
- LRC ඉඩම් අවභාවිත වීම් ගැන විමර්ශන දිගටම – නි.ඇමති සුසිල්
- අද කාලගුණය