ඇමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති විනාශකාරී ගංවතුර තත්ත්වයෙන් දින කිහිපයකට පසු, එරට නිව් මෙක්සිකෝ ප්‍රාන්තයටද මේ වන විට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වෙනවා. විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, අධික මෝසම් වර්ෂාව හේතුවෙන් නිව් මෙක්සිකෝ කඳුකර ප්‍රදේශයක ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවයි. මෙම හදිසි තත්ත්වයත් සමග එහි රුයිඩෝසෝ කඳුකර නිකේතන ගම්මානයේ සහ ඒ අවට නිවාස සහ වාහන රැසක පුද්ගලයින් සිර වී සිටින බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා. මේ අතර ටෙක්සාස් කඳුකර ප්‍රදේශයේ ග්වාඩලූප් ගඟ පිටාර ගැලීම හේතුවෙන් සිදු වූ බිහිසුණු ව්‍යසනයෙන් දරුවන් ඇතුළු පුද්ගලයින් 109 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 170 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ව ඇතැයිද සඳහන්.
උණුසුම් පුවත්
- වික්ටෝරිය, රන්දෙනිගල සහ රන්ටැඹේ ජල මට්ටම ගැන නිවේදනයක්
- නවගමුවේ ඇඟලුම් කම්හල ගින්නක්
- දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අරියි
- ඉදිරි පැය 24 තීරණාත්මකයි – අවදානයෙන් පසුවන්න
- ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිරිපා කරුණාවට කිසිදු අවදානමක් නෑ
- කසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි
- උඩදුම්බරට භූ කම්පනයක්
- බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙක් අත්අඩංගුවට













