හෙට්ටිපොළ, අමුණුකොළේ ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අමුණුකොලේ ප්‍රදේශයේ නිවසක් තුළ තියුණු ආයුධයකින් ගෙල කපා කාන්තාවක් ඝාතනය කර ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 68ක් පමණ වූ අමුණුකොළේ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඝාතනයට ලක්වූ කාන්තාව තනිවම නිවසේ පදිංචිව සිට ඇති අතර ඇයගේ පුතා සුවදුක් විමසීමට දිනපතා දුරකථන ඇමතුම් ලබාගෙන තිබෙනවා.
එහෙත් පසුගිය 19 වැනිදායින් පසු ලබාගත් ඇමතුම්වලට සිය මව ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඊයේ(20) අලුයම් කාලයේදී නිවසට පැමිණ පරීක්ෂා කිරීමේදී මෙම කාන්තාවගේ මෘතදේහය හමුව තිබෙනවා.
මහේස්ත්‍රාත් පරීක්‍ෂණයකින් පසුව මෘත දේහය කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.