ශ්‍රී ලංකාවේ නිල සංචිත මැයි මාසයේ දී ඩොලර් බිලියන 3.4 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළා.
එය අප්‍රේල් මාසයේ දී පැවතියේ ඩොලර් බිලියන 2.7 ක් ලෙසයි.
ඒ අනුව පෙර මාසයට සාපේක්ෂව සියයට 26.2 ක ඉහළ යාමක්.
චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1 යි දශම 4 ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත් වෙනවා.