රට මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයෙන් ගලවා ගත හැකි නායකත්වය ජනතාව විසින් තෝරා ගත යුතු බව සමගි ජනබලවේගය පවසනවා.
එහි නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ ජනතාව තමන්ට එම නායකත්වය ලබා දෙන්නේ නම් එම අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බවයි.
නිරුත්තර රටකට උත්තරය යන මැයෙන් මාතලේ රත්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා.