කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගෙන් සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කර තිබෙනවා.
ඒ වෘත්තීය සමිති ජාතික කම්කරු ආයතනයට අයත් ගොඩනැගිල්ලක් රුපියල් මිලියන 3.6කට වංචනික ලියකියවිල භාවිත කරමින් වෘත්තීය සමිති නිලදාරීන් බව පවසමින් සැකකරුවන් විසින් බදු දී ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාළවයි.
එසේම වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස අගතියට පත් වාර්ශ්වය වෙනුවෙන් ඉල්ලීමක්ද අධිකරණය වෙත ඉදිරිපත්ව තිබෙනවා.
එම ඉල්ලීම සම්බන්ධයෙන් තින්දුවක් ලබාදීම සඳහා ජයසිංහ මහතාගෙන් සහ ජයලාල් මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙයසි මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.
එසේම මහේස්ත්‍රාත්වරිය වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කළේ වසන්ත සමරසිංහ මහතාගෙන් දැනටමත් ලබාගෙන ඇති ප්‍රකාශය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
ගොඩනැගිල්ලේ ඔප්පුව සහ නීතිමය තීන්දුවල පිටත්වද ඇතුළත්ව විමර්ශනවලදී අනාවරණය කර ගත් ලේඛන ඉදිරිපත් කරන ලෙස පොලිසියට ද නියෝගයක් නිකුත් කර තිබෙනවා.
නඩුව යළි ජූලි 25 වැනිදා කැඳවීමට නියමිතයි