ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
පෙරවරු 09.15ට පමණ ඔහු එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණි තිබෙනවා.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.