ලෝක සංචාරක දිනය නිමිත්තෙන් නානුඔය දුම්රිය ස්ථානයේදී සංචාරක දිනය සැමරීමේ උත්සවයක් එම දුම්රිය පරිශ්‍රයේදී අද(27) දින සිදු කෙරුණා.
නානුඑය දුම්රිය ස්ථානයේ සංචාරක රියදුරන්ගේ සංගමය සහ සංචාරක ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය එක්ව නානුඔය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කාර්ය මන්ඩලයේ සහයෝගය ඇතිව නානුඔය දුම්රිය ස්ථානයට ගමන්ගන්නා විදේශීය සංචාරකයන් සහ නානුඔය දුම්රිය ස්ථානයට මගී ප්‍රවාහන දුම්රියන්වලින් පැමිණි විදේශීය සංචාරකයන්ට උණුසුම් අයුරින් මල් මාලා පළඳවා පිළිගනු ලැබුවා.
නානුඔය දුම්රිය ස්ථානයේදී දේශීය සංස්කෘතිය විදහා දැක්වෙන සංස්කෘතිකාංග ගණනාවක්ද පාසල් ළමුන් විසින් විදේශිකයන් හමුවේ ඉදිරිපත් කළ අතර ලෝක සංචාරක දිනයේදී මෙරටට පැමිණි තමන්ව පිළිගැනීම සම්බන්ධයෙන් විදේශික සංචාරකයන් සිය සතුටට පළ කරනු ලැබුවා.
ලෝක සංචාරක දිනයේදී දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි සංචාරකයන් නානුඔය දුම්රිය ස්ථානයේදී නර්ථනයේ යෙදෙන අයුරුද දක්නට ලැබුණා.
මෙම අවස්ථාවට නානුඔය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා, සංචාරක හෝටල් හිමියන්, සංචාරක කර්මාන්තයේ යෙදී සිටින පුද්ගලය්න ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වී සිටියා.