වත්මන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා තවත් දින කිහිපයකින් විශ්‍රාම යාමට නියමිත බැවින් නව සුරාබදු කොමසාරිස්වරයෙකු පත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වූ යූ.එල්. උදය කුමාර පෙරේරා මහතා දැනට සුරාබදු කොමසාරිස්වරයා ලෙස කටයුතු කරනු ලබනවා.
ඒ අනුව සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව කියා සිටියා.