නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි.
21 දෙනෙකුගෙන් සමන්විත නව රජයේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන් අතර, කැබිනට් මණ්ඩලය නවක මුහුණු රැසකින් සමන්විතයි.
මේ අතර, නියෝජ්‍ය අමාත්‍යවරුන් අනිද්දා දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.