නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබුවා.
බිග් බියුටිෆුල් බිල් නම් මෙම නව බදු පනතට ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
නව බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 218ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 214ක් හිමිවුණා.
මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් ඇමෙරිකාවේ මිලියන 12කට පමණ සෞඛ්‍ය රක්ෂණ ආවරණය අහිමි වනවා.