අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත කණ්ඩායම සමත්වී තිබෙනවා.
ඔවුන් ජාත්‍යන්තර රග්බි තරග සඳහා 1982 වසරේ සිට ක්‍රීඩා කර ඇති බවයි සදහන් වන්නේ.
ලොව විශිෂ්ටතම රග්බි කණ්ඩායමක් ලෙස සැලකෙන නවසීලන්ත රග්බි කණ්ඩායම ප්‍රංශ කණ්ඩායම පරාජය කරමින් මෙලෙස සිය 500 වන ජයග්‍රහණය හිමිකර ගෙන තිබෙනවා.
එම තරගයේ පළමු අර්ධය නිමා වනවිට ලකුණු 21 ට 13 ක් ලෙස ඉදිරියෙන් සිටීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
පසුව ඔවුන් තරගය ජයගත්තේ ලකුණු 31 ට 27 ක් ලෙසයි.
මේ දක්වා නවසීලන්ත කණ්ඩායම ලෝක රග්බි කිරුළ තෙවරක් හිමිකරගෙන තිබෙනවා.