සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර ඕක්ලන්ඩ්හිදී පැවති දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුනා..
පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 207 ක් රැස්කළා.
ඊට පිළිතුරු ලෙස බටහිර කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර සංඛ්‍යාව තුළදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 204 ක් පමණයි.
මෙහිදී කොදෙව් කණ්ඩායම අවසන් පන්දුවාර 5ට ලකුණු 87ක් රැස්කිරීමට සමත් වුනා.
එය පූර්ණ සාමාජික රටවල් ද්විත්වයක් අතර පැවැත් වූ තරගයක ඉලක්කය හඹා යෑමේදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්වනවා.
මේ වනවිට තරග 5කින් යුත් තරගාවලිය තරග 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.
උණුසුම් පුවත්
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?













