යාපනය, වඩමාරච්චි, චැම්පියන්පත්තු ධීවර ගම්මානයේ ධීවර වාඩි තුනකට කිසියම් පිරිසක් ඊයේ(08) රාත්‍රීයේ ගිනි තබා ඇතැයි වාර්තා වනවා.
ගින්නෙන් ධීවර වාඩියක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් තවත් දෙකකට අර්ධ වශයෙන් හානි වී ඇති බවත් වාර්තා වනවා.
ගින්නට හසු වූ තම ධීවර වාඩිවල තිබූ දැල් ආම්පන්න සහ තවත් ධීවර උපකරණද ධීවර හැඳුණුම්පත් වැනි ලිපි ලේඛන රැසක්ද විනාශ වී ගොස් ඇති බව ධීවර වාඩි අහිමි වූ දීවරයන් මරදන්කේණී පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
විමර්ශන අංශ පවසන්නේ ධීවර ගම්මානයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවන පිරිස් සහ අනෙක් ධීවරයන් අතර නිරන්තරයෙන් ඇතිවන ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම ගිනි තැබීම් සිදුව ඇති බවට සැක කරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කේණී පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.