අඩසියවසකට අධික කාලයක් ශ්‍රී ලාංකේය සිනමාව හා වේදිකා නාට්‍ය කලාවේ පෝෂණය වෙනුවෙන් මෙන්ම මෙරට සමාජ දේශපාලන ව්‍යුහය ශක්තිමත් කිරීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් ධර්මසිරි බණ්ඩාරනායක මහතා වෙත ආචාර්ය උපාධිය පිරි නැමීමට රුහුණු විශ්වවිද්‍යාලය කටයුතු කර තිබෙනවා.
පසුගිය අප්‍රේල් 27 වනදා එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලය විසින්ද ඒ මහතා ට විශේෂ ගෞරව සම්මානයක් පිරිනමනු ලැබුවා.
මේ අතර අද පැවැත්වෙන රුහුණ විශ්ව විද්‍යාලයේ 29 වන උපාධි ප්‍රදානෝත්සවයේදී අපේක්ෂකයින් 1,894 දෙනෙකු උපාධි ලැබීමට නියමිතයි.
උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා සඳහන් කළේ රුහුණ විශ්වවිද්‍යාලය මගින් උපාධිධාරීන් 40,000 කට අධික සංඛ්‍යාවකට මේ දක්වා උපාධි පිරිනමා ඇති බවයි.
(මාතර – තිලංග මානගේ )
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට











