අඩසියවසකට අධික කාලයක් ශ්‍රී ලාංකේය සිනමාව හා වේදිකා නාට්‍ය කලාවේ පෝෂණය වෙනුවෙන් මෙන්ම මෙරට සමාජ දේශපාලන ව්‍යුහය ශක්තිමත් කිරීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් ධර්මසිරි බණ්ඩාරනායක මහතා වෙත ආචාර්ය උපාධිය පිරි නැමීමට රුහුණු විශ්වවිද්‍යාලය කටයුතු කර තිබෙනවා.
පසුගිය අප්‍රේල් 27 වනදා එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලය විසින්ද ඒ මහතා ට විශේෂ ගෞරව සම්මානයක් පිරිනමනු ලැබුවා.
මේ අතර අද පැවැත්වෙන රුහුණ විශ්ව විද්‍යාලයේ 29 වන උපාධි ප්‍රදානෝත්සවයේදී අපේක්ෂකයින් 1,894 දෙනෙකු උපාධි ලැබීමට නියමිතයි.
උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා සඳහන් කළේ රුහුණ විශ්වවිද්‍යාලය මගින් උපාධිධාරීන් 40,000 කට අධික සංඛ්‍යාවකට මේ දක්වා උපාධි පිරිනමා ඇති බවයි.
(මාතර – තිලංග මානගේ )
උණුසුම් පුවත්
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
- ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
- ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
- කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්
- අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට
- නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
- විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
- පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට














