කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දේශීය සිසුන්ට අධ්‍යාපනය ලබාගැනීමට අවස්ථාව අහිමි කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් බව තමන්ට අවබෝධ වූයේ පසුව බව ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ කෞශල්‍යා ආරියරත්න පවසනවා.
ඇය මේ බව කියා සිටියේ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ දේශපාලන වැඩසටහනකට එක්වෙමිනි.
එසේම මන්ත්‍රීවරිය කියා සිටියේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ අරමුණ වූයේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය දකුණු ආසියාවේ මිලිටරි පුහුණුව ලැබිය හැකි ආයතනයක් බවට පත් කිරීම බවයි.
එසේම අන්තර්ජාතික වශයෙන් මිලිටරි ශිෂ්‍යයන් ආකර්ශනය කරන හොඳ ආයතනයක් කිරීමද එහි එක් අරමුණක් වූ බවද මන්ත්‍රීවරිය පවසනවා.
එම හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට මිලිටරි ශිෂ්‍යන් පමණක් ඇතුළු කර ගැනීමට කොන්දේසි දැමූ බවද මන්ත්‍රීනි කෞෂල්‍යා ආරියරත්න පවසනවා.
කෙසේ වෙතත් එම තීරණය හරහා දේශීය සිසුන්ට විශාල අසාධාරණයක් වන බව පසුව අවබෝධ වූ බවද ඇය එහිදී පෙන්වා දුන්නා.
එසේම මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසුවේ විදෙස් රටක සිට විභාග කරලා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට බැදෙන්න පුලුවන්කම තිබියදී ලංකාවේ අයෙකුට එහි උපාධියක් හදාරන්න අවස්ථාව නොදීම මූලික අයිතිවාසිකම් පැත්තෙන් අසාධාරණයක් තියෙන බවයි.
එසේම මන්ත්‍රීවරිය කියා සිටියේ දීර්ඝ කාලීනව හොඳ විදේශ විනියමක් ඉපයිය හැකි මිලිටරි ඇකඩමියක් කිරීම අපේක්ෂාව බවයි.