දේශීය ටින් මාළු කර්මාන්තශාලා 06 කට කිසිදු ප්‍රමිති සහතිකයක් නොමැති බවට අනාවරණ වුනා.
මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව තුළ දේශීය ටින් මාළු සඳහා පවතින ඉල්ලුම පහළ බැස ඇති බවත් ටින් මාළු කර්මාන්තයේ නියැලෙන කර්මාන්ත කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් පෙන්වා දෙනවා.
ඔවුන් මේ බව සඳහන් කළේ ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කනවා තිබු හමුවකට එක්වෙමින්.
පාර්ලිමේන්තු මන්ත්රී හා හිටපු ධීවර රාජ්ය අමාත්යා දිලිප් වෙආරච්චි සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහත්වරුන් ද මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියා.
දේශීය ටින් මාළු කර්මාන්ත කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් මෙහි දී තවදුරත් පෙන්වා දෙනු ලැබුවේ රට තුළ ක්‍රියාත්මක ටින්මාළු කර්මාන්තශාලා 22න් 04ක් ප්‍රමිති සහතිකය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවයි.
ඒ අනුව දේශීය ටින් මාළු කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳ නිසි නියාමනයක් අවශ්‍ය බවයි ඔවුන් අමාත්‍යවරුන්ගේ අවධානයට යොමු කළේ .
උණුසුම් පුවත්
- දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
- විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
- වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…
- හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
- උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස
- T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
- දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි














