අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම අය කර ගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
මෙම වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සම්පූර්ණ කර ගැනීම සඳහා ගත යුතු ක්‍රමෝපාය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වුණා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොලැබෙන ආදායම් ලබා ගැනීම සඳහා, දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය වැඩිදියුණු කිරීම අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම අය කර ගැනීමට කටයුතු කරන ලෙසටයි නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.