වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබද විමර්ශනය සදහා පත් කළ කමිටුව අද සිට දිනපතා රැස්වීමට නියමිතයි.
දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙනුයි මෙම විමර්ශන පවත්වනු ලබන්නේ.
ඒ අනුව විමර්ශන අවසන්වන තුරු මෙම පරීක්ෂණ කමිටුව දිනපතා රැස්වීමට නියමිතයි.