හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ 2022 වසරේ මැයි මස 09 වැනිදා ගාලුමුවදොර පැවැත් වූ අරගලයට සම්බන්ධ වූ පිරිසට පහරදීම සම්බන්ධයෙන්.
ඔහුගේ මිරිහානේ පිහිටි නිවසේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වනවා.
ගාලුමුවදොර පැවැත් වූ අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප ඉල්ලුම් පත්‍රයයක්ද ගොනුකරනු ලැබුවා
කෙසේ වෙතත් අද කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ එයා කැඳවූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප වුණා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













