පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ජීවිත තර්ජනයක් පවතින බවට ලැබුණු තොරතුරකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු වාර්තා කර තිබෙනවා.
ඒ අනුව සිද්ධියට අදාළව බූස්ස බන්ධනාගාරයේ සිටින සැකකරුවන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට එම දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිගෙන් නියෝගයක් ලබාගෙන ඇති බව සදහන්.
දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගෙන් තර්ජන එල්ලවිය හැකි බවට උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඒ මහතාගේ හෝකන්දර පිහිටි නිවසට ගොස් ඔහුට දැනුම් දී තිබුනා.
තෙන්නකෝන් මහතා ඝාතනය කරන ලෙස විදෙස්ගතව සැඟව සිටින කංජිපානි ඉම්රාන් විසින් සිය සමීපතමයන්ට උපදෙස් ලබාදී ඇති තොරතුරු වාර්තාවී ඇති බවද එම නිලධාරීන් වැඩිදුරටත් එහිදී සඳහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ඕස්ට්‍රේලියාවේ ලොක්කෙක් හෙට ලංකාවට
- ගායක ගායිකාවෝ ජනපති හමුවෙයි
- හිටපු ජනපතිවරයෙක් එකපාරටම ඇතුලට ?
- පොලිස්පති දේශබන්ධු ධූරයෙන් ඉවතට ?
- මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කපන්න එපා – පාඨලී කියයි – VEDIO –
- පිලිපීනයට චීන නාවික හමුදාවෙන් පිළිතුරු
- පාසල් 3ක සිසුන් ජනාධිපති මන්දිරය බලන්න එයි
- අපේ රටෙන් කුකුළු මස් සිංප්පුරුවට යවන්න සූදානමක්