දෙවුන්දර සුපිරි වෙළෙඳ සැලක් අසලදී අද(21) දහල් සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කරන ලද පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පුද්ගලයින් දෙදෙනෙකු විසින් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි දෙකකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
ඩිලයිට් නමැනි හැඳින්වෙන 55 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කරනවා.














